saravita-anim2

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

Latest News - timelapse 192 hours ago

LATEST

තවත් වන අලියෙක් ජීවිතක්ෂයට

calendar_today 2025 ජුලි 28 - 15:08 remove_red_eye - 118  

සේරුවිල පොලිස් වසමට අයත් සිරිමංගලපුර කුඹුරු යායේ කෙරවල කොටිගල නැමැති ප්‍රදේශයේ මියගොස් සිටි වල් අලියෙකුගේ තවත් මළ සිරුරක් ඊයේ (27) පස්වරුවේ සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත්කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

Read More

කහවත්ත බුංගිරිය ප්‍රදේශයේ නිවසකින් තරුණයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් එක් තරුණයෙක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි දෙදෙනකු නීතිඥවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් 27දා සවස පොලීසියට බාර විය.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙකු වන කෞෂාල් සිල්වා හොංකොන් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

Read More

මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වී ඇතැයි ලංකා ගල්අඟුරු සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ ගැටඹේ රාජෝපවනාරාම විහාරය අසල ඇති උමං මාර්ගය භාවිතා කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

Read More

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28දා) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි.

Read More

කළුතර හා අවට වෙළඳ වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වලින් විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් නම් ද සදහන් කරමින් කප්පම් ලබාගත් ’’චාටර් බට්ටා ’’නමැති දිවයිනේ නම ගිය අපරාධකරුවෙකු ඇතුළු තිදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් පයාගල ප්‍රදේශයේ පදිංචි 29,30 සහ 39 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

Read More

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28දා) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

මාතලේ පොලිස් වසමේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධකින් පහරදී තුවාල සිදුකර මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මාතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28දා) දින හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වසරේ ජනවාරි 01 දා සිට 23 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 313 232ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම ජුලි මස 01 දා සිට 23 දා තෙක් සංචාරකයන් 145 188ක් පැමිණ තිබේ. මේ වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

Read More

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බොරැල්ල ප්‍රදේශයේ අද (28දා) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සදහා 07/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

ලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු වන ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති ඇමෙරිකානු තීරුබදු සම්බන්ධ ගැටලුව අවසන් කරමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුම් රාමුවකට එළඹ තිබේ.

Read More

වසරකට එක් වරක් පමණක් අස්වැන්න ලබන රඹුටන් කල් තබා ගැනීමේ ක්‍රමයක් සකස්කර දෙන්නේ නම් රඹුටන් අපනයෙන් වැඩි ආදායමක් රටට උපයා දීමට හැකියාව පවතින බව ගම්පහ දිස්ත්‍රික්කයේ රඹුටන් වගාකරුවෝ පෙන්වා දෙති.

Read More

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එහි කාන්තාවකට පහරදුන් බව කියන කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

Read More

මාවිල් ආරු අමුණේ සිට කල්ලාර් දක්වා ජලය ගෙනියන ඇල මාර්ගයේ පාවෙමින් තිබූ අලි මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් මත සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බේරුවලදී පැවසීය. බේරුවල පොල්කොටුව,ශාන්ත ආනා දේවස්ථානයේ පැවති කිතුණුආගමික වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවසුවේ, කාම්බෝජයේ සහ තායිලන්තයේ නායකයින් අමතා, දේශසීමා ගැටුම්වලින් පසුව වහාම සටන් විරාමයකයට යොමුවන ලෙස ඔවුන්ට බලපෑම් කළ බවයි.

Read More

දිඹුල පතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇති බව දිඹුලපතන පොලිසිය පැවසීය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණි.

Read More

සංරක්ෂණය කල යුතු වනජීවින් කිසිම විටත වනසන්නන්ට හා අනුබල දෙන්නන්ට කිසිම අවස්ථාවක නීතියෙන් ගැලවි යාමට හෝ නීතියෙන් සහනයක් ලබා දීමට ඉඩ ලබා නොදෙන බව වනජීවි වන සම්පත් හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පැවසිය.

Read More

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

Read More

මෙරට ජනතාවට වර්තමානයේ දී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියේ දී ලබාදීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers - PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස

Read More

‎මකුල්ගස්වැව හීනුග්ගල ප්‍රදේශයේදී ගැබ්බර මුව දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මකුල්ගස්වැව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනකු අගෝස්තු මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් දුලාංජලී සිතුමිණී මහත්මිය නියෝග කළාය.‎

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.