මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට සති කීපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නඟිමින් පවති.
ඉකුත් මාස කීපයක කාලයක් තිස්සේ මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි ජල පෝශක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබී තිබීම හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම 50% ක ප්‍රමාණයක් පහත බැස තිබුණි.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, කැනියොන් හා බෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසලරී යන ජලාශ දෙනෙකි.
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
