saravita-anim2

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

Latest News - timelapse 215 hours ago

LATEST

එල්.ආර්.සී. අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී හෙළිවෙයි

calendar_today 2025 ජුලි 23 - 15:54 remove_red_eye - 145  

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් විකල්ප ඉඩම් ලබාදීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේත් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේත් සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත.

Read More

මාරවිල මරද ප්‍රදේශයෙ ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදරු මවකට කල වෙඩි තැබිමකින් ඇය එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල ලැබු ඇගේ වැඩිමහල් දරුවා මාරවිල මහ රෝහලට 22 දින රාත්‍රියේදීම ඇතුලත් කර ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.

Read More

අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට නම් අලි ඇතින් ඝාතනය කරන පුද්ගලයන්ට මරණ දඩුවම ලබා දිය යුතු බව වනවාසී රාහුල හිමියෝ පැවැසූහ. එසේම පසුගිය ආණ්ඩුවලට මෙන්ම වත්මන් ආණ්ඩුවටද අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බව උන්වහන්සේ පැවැසූහ.

Read More

2015 වසරේ සිට 2025 දක්වා වසර 10ක කාලයෙහි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හරහා මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 67,147ක (රුපියල් බිලියන 13,946ක) මුදලක් ප්‍රේෂණය වී ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂිත බවට පත් කිරීම ජූලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් සිදු වෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා පවසයි.

Read More

2022 වසරේ ජූලි මස 17 වනදා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලයට එක්වූ අරගලකරුවන් පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බෙදුන තීන්දුවකින් ප්‍රකාශයට පත්කළේය.

Read More

’’අන්‍යෝන්‍ය තීරුබදු මත 25% දක්වා වැඩි කිරීමට නියමිතව තිබූ ජපානයේ තීරුබදු අනුපාතය 15% ක් ලෙස තබා ගන්නා ලදී. මෙය එක්සත් ජනපදය සමඟ වෙළඳ අතිරික්තයක් ඇති රටවල් අතර පනවන ලද තීරුබදු අතර මේ දක්වා අඩුම අගය මෙයයි’’

Read More

පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය 19% ක බද්දක් අය කරන බව ට්‍රම්ප් ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපතිවරයා සමඟ පැවති හමුවකින් පසුව පැවසීය.

Read More

අද අළුයම් කාලයේ පදියතලාව, මරංගල ප්‍ර දේශයේදී පුද්ගලයෙක් විසින් නිවසකට ඇතුළු වී එම නිවසේ සිටි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇයගේ මව හා පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි. පසුව ඒම සැකකාර පුද්ගලයාද දිවි නසාගෙන තිබේ.

Read More

එක්සත් ජනපදය සහ ජපානය මෝටර් රථ ඇතුළුව ජපානයෙන් එක්සත් ජනපදයට ආනයන කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් පෙර සඳහන් කළ ප්‍රමාණයටත් වඩා අඩු බදු ප්‍රතිශතයක් වෙනුවෙන් ගණුදෙනුවකට එකඟ වූ බව එක්සත් ජනපති ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

Read More

කංචන විජේසේකරගේ සාක්කුවට යන එක නවත්වලා, බදු ඉවත් කරලා මේ රටේ ජනතාවට කවද්ද සහනය දෙන්නේ? - පා.ම. දයාසිරි ජයසේකර මේකේ ප්‍රභේද දෙකක් තිබෙනවා, ප්‍රිමියම් එක හරහා සාක්කුවට යන එක හැර බදුවල සල්ලි සාක්කුවට යන්න බෑ - බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

Read More

සංවිධානාත්මක ක්‍රියාවලියක් මගින් වන අලි ඝාතන රැලි දෙකක් නිර්මාණය කර ඇති බවත්, වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ දෙවන රැල්ල බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

Read More

ලබන 24 වැනිදා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගෙන ඉදිරි දිනකදී විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

අඩ සියවසකට අධික මහා ශාසනික සේවයක් ඉටුුකොට අපවත් වී වදාළ ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්ය අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරීය පවර උපාලි අනුස්මරණ ශාලාව වෙත අද (22) වැඩම කරවනු ලැබීය.

Read More

නව අගවිනිසුරු සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කිරීම ජනපති විසින් සිදුකරන ලද බව අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

Read More

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතෙකුගේ සහ අලින් පස් දෙනෙකුගේ මල සිරුරු තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

පුරප්පාඩුව පැවති, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි වන සංරක්ෂන අධ්‍යක්ෂක ජනරාල් ධුරයට වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි අතිරේඛ වන සංරක්ෂක ජනරාල් (වන ආරක්ෂණ, මෙහෙයුම්, හා කළමණාකරන) ලෙස කටයුතු කරන ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී පාලම කුඹුර මහතා වහාම ක්‍රියාත්මක වන පත්කර තිබෙි.

Read More

මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය හෙබවූ තල්පේ අරියජෝති හිමියන් එම ධුරයෙන් ඉවත් කිරීමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව තීරණය කොට තිබේ.

Read More

කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමගා සාකච්ඡා පැවැත්වීමටත් 2025-02-19 හා 2025-07-01 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී තිබේ.

Read More

හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිර‍ිම ඳසහා පනත් කෙටුම්පත්ක සකස් කිරීමට 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

විදේශ රැකියා හරහා පසුගිය වසර 10 තුළ මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 67,147ක් බව විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.

Read More

අල්ලස් කොමිසම කරන විමර්ශනයන්ට සහාය දක්වමින් එම කොමිසමේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට අද (22) නියෝග කළේය.

Read More

යෝජිත විදුලි පනත හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව (22) දින ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ජල විදුලි බලාගාරවල සේවය කරන ඉංජිනේරුවන් සහ සේවකයින් 50%ක් පමණ (22) දි

Read More

ඇල්ල වැල්ලවාය මාර්ගය 02 කණුව අසලදී (22) වෙනිදා උදෑසන වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුවී ඇත.

Read More

ගාල්ල දෙවට ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරිණී.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා වලට වැරදි කරු බව ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුව තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තුව අද (22දා) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ.

Read More

නීතියට පටහැනි ආකාරයට අත්තනෝමතික ලෙස තමන් මාස හයක කාලයක් තුළ පොලිස්ථාන තුනකට මාරු කර යැවීමෙන් සහ තමන්ට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ සේවයේ කිරීමට සැලැස්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් යාපනය ප්‍රදේශයේ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.