අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා තිබූ හතරකට වරදකරු කළ කොළඹ මහාධිකරණය එක් නඩුවකට වසර හතර බැගින් බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළේය. වසර 16ක සිර දඩුවම වසර හතරකින් එකවර අවසන් කිරීමටද අධිකරණය නියෝග කළේය.
ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර ගොනුකර තිබුණි.
නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.