අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ සිටින සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් විශේෂ ඝෝෂාවක් ආරම්භ වූයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමෙන් අනතුරුවබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැදවුම් භාරයේ සිටින සැකකරුවෙකුට විශේෂයක් කර සැලකීමක් හෝ විශේෂයෙන් වධ හිංසා පැමිණවීමක් සිදුකරන්නේ නෑ. රැඳවුම් නියෝග යටතේ මෙතෙක් කටයුතු කළ ආකාරයට තමයි කටයුතු වෙන්නේ.
සුරේෂ් සලේ මහතාටත් ඒ ආකාරයෙන් තමයි කටයුතු වෙන්නේ. සුරේෂ් සලේට පළමු දින 90දී රැඳවුම් නියෝග යටතේ නොතිබුණ ඝෝෂාවක් ගෝඨාභය ඇතුළු තිදෙනෙකුට විදෙස් තහනමක් පැනවුනාට පස්සේ ඇතිවෙලා තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය වගේම මිලේඡ්ච ඝාතනයන් ගැන පරීක්ෂණ කරද්දී පරීක්ෂණවලට සහාය ලබා දිය යුතුයි. හොඳම දේ තමයි මේ පරීක්ෂණවලට සහාය දීම. මෙවැනි ඝාතනයන් අනාගතයේදි වළක්වා ගත හැකියි."