අවේලාවේ නිවසකට ඇතුළු විහාරාධිපති අල්ලා පොලීසියට භාර දෙයි
ෙඑප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්රදේශයේ පිහිටි නිවසකට අවේලාවේ ඇතුළු වූ බව කියන ප්රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමේ පුවතක් එප්පාවල පොලිස් වසමෙන් වාර්තා වේ.
මෙසේ පොලිස් භාරයට පත් කර ඇත්තේ නල්ලමුදාව බටහිර ශ්රී අභිනවාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරාධිපති හිමිනමකි.ඊයේ (09) රාත්රි 11.30 ට පමණ අදාළ හිමිනම තම නිවසේ මුළුතැන්ගෙය දෙසින් නිවසට ඇතුළු වීමට පැමිණෙනු දුටු නිවසේ හිමිකරු, වහාම ක්රියාත්මක වී ගම්වාසීන්ගේද සහාය ඇතිව උන්වහන්සේව රඳවා තබා ගැනීමට කටයුතු කර ඇත.
පසුව මේ පිළිබඳව එප්පාවල පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇති අතර, එප්පාවල පොලිසියේ රාත්රී ජංගම සංචාරක රථ නිලධාරීන් විසින් හිමිනම අදාළ නිවසට ගොස් අත්අඩංගුවට ගෙන අද (10) අලුයම 1.30 ට පමණ එප්පාවල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් රඳවාගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අද (10) උදෑසන එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.එස්. අබේසේකර මහතා ඉදිරියේදී පැවැත්වුණු අතර, ඒ සඳහා සිද්ධියට අදාළ දෙපාර්ශවයම පොලිසිය වෙත කැඳවා තිබුණි.එහිදී චෝදනාවට ලක් වූ විහාරාධිපති හිමිනම තමන් අවේලාවේ අදාළ නිවසට ඇතුළු වීම වරදක් බව පිළිගෙන ඇති අතර, තමන් මින් ඉදිරියට එම විහාරස්ථානයේ රැඳී නොසිට අද දිනම විහාරස්ථානයෙන් පිටව යන බවට පොලිසිය ඉදිරියේ ප්රකාශ කර ඇත. උන්වහන්සේගේ එම ප්රකාශයත් සමඟ සිද්ධිය දුරදිග ගෙන නොගොස් සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟතාවය පළ කර තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

