වෙසක් උත්සව සමයේ අධික ලෙස ඉහළ ගොස් තිබූ උඩරට සහ පහත රට එළවලු මිල පහත වැටෙමින් පවතින බව හැටන් ප්රදේශයේ එළවලු වෙළදුන් කියා සිටියි.
වෙසක් උත්සව සමයේ කැරට්, බෝංචි, ලීක්ස් ඇතුලු උඩරට සහ පහත රට එළවලු රු.600-800 දක්වා ඉහළ ගොස් තිබූ අතර, මේ වන විට දේශීය වෙළදපොලේ එලවලු මිල කිලෝවක මිල සැලකිය යුතු ලෙස පහළ වැමෙින් පවතින බව එලවලු සිල්ලර සහ තොග වෙළදුන් කියා සිටියි.
(11) දින දේශීය වෙළදපොලේ අමුමිරිස් රු.450, බෝංචි රු.500, මාළු මිරිස් රු.500, කැරට් රු.480, බටු රු.450, ගෝවා රු.200, අනෙකුත් සැම උඩරට සහ පහත රට එලවලු වර්ගයකම කිලෝවක මිල රු.400ක් වැනි සිල්ලර මිලකට අලෙවි වේ.