මැයි 31ට රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලේ ශේෂය මෙන්න
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් සියලුම ආධාර මුදල් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මඟින් විධිමත්ව ගිණුම්ගත කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
පරිත්‍යාගශීලීන් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පවත්වාගෙන ගිය ගිණුම් වෙත මුදල් බැර කර ඇති බවත්, 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව රට තුළ පවත්වාගෙන යා හැක්කේ ව්‍යවස්ථාපිත අරමුදල් පමණක් බැවින් සියලුම අරමුදල් අවසානයේ ඒකාබද්ධ අරමුදලට බැර කෙරෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.
2026 මැයි 31 වන දින වන විට දිට්වා ආපදා සහන සඳහා ලැබුණු දේශීය පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 10.97ක මුදලක් ගිණුම්ගත කර ඇති බවත්, විදේශීය ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 11.584ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව සහ රාජ්‍ය බැංකු හරහා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම සියලු මුදල් ඒකාබද්ධ අරමුදලේ කොටසක් වන භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ දේශීය හා විදේශීය තැන්පතු ගිණුම්වල තැන්පත් කර ඇත බවද පැවසීය.එම මුදල් සහ ඒකාබද්ධ අරමුදලේ ඇති තවත් මුදල් දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ජනතාවට සහන සැලසීම හා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා යොදාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

