තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්න ඇතිවිය. ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුණි. තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.