බිංගිරිය පොලිස් වසමේ පඩිවෙල ප්රදේශයේ නිවසක පුරුෂයා විසින් තම බිරිදට තියුණු ආයුධයකින් පහරදී ඊයේ උදෑසන කාලයේ ඝාතනය කර ඇති බවට බිංගිරිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 61 ක් වූ පඩිවෙල ප්රදේශයේ පදිංචිකාරියෙකි.
මරණකාරිය හා පුරුෂයා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුද ඇතිවූ අසනීප තත්ත්වයක් මත බිංගිරිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය සැකකරු වයස අවුරුදු 59 ක් වූ පඩිවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.