රජයේ නිලධාරීන්ගේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත වෙයි
රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් තබමින්, රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ නිකුත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ යටතේ රාජ්‍ය ආයතන පද්ධතියට ලියාපදිංචි කිරීමේ නිල සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල "Waters Edge" හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා රාජ්‍ය ආයතන 35ක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
අදාළ පහසුකම අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් www.pravesha.lk වෙබ් අඩවියෙන් හෝ 'ප්‍රවේශ' (Pravesha) ජංගම දුරකථන යෙදවුම ඔස්සේ මේ සඳහා ලියාපදිංචි විය යුතුය. එහිදී තමන් සේවය කරන ආයතනයේ අදාළ විෂය භාර නිලධාරියාගේ සම්බන්ධීකරණය ඇතිව, ආයතනික මාර්ගගත පිවිසුම (Online Portal) හරහා මෙම ලියාපදිංචිය සිදුකිරීමේ හැකියාව පවතී. එලෙස සාර්ථකව ලියාපදිංචි වන නිලධාරීන්ට එළඹෙන ජූලි මාසය සඳහා අවශ්‍ය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කිරීමේ අවස්ථාව 2026 ජුනි 15 වනදා සිට නිල වශයෙන් විවෘත වේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ "කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය" මඟින් මෙම නවීන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි. මෙහි මූලික අරමුණ වන්නේ රාජ්‍ය අංශයේ කාර්යයක්ෂමතාව ඉහළ නැංවීම සහ දුම්රිය මගී ජනතාවට වඩාත් ප්රශස්ත මෙන්ම පහසු සේවාවක් සැපයීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

