කඳාන පොලිස් වසමේ හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී හලාවත සිට කොළඹ කොටුව දක්වා ධවනය වෙමින් තිබූ දුම්රියේ ත්රීරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්රීරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු අවුරුදු 48ක් හා මරණකාරිය අවුරුදු 71ක් වන ජා ඇළ පදිංචිකරුවන් වෙයි. දුම්රිය ධාවනය වන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක හා නාද සංඥා ක්රියාත්මක වෙමින් තිබියදී රථය එම හරස් මාර්ගය හරහා ධාවනය කර ඇති බවට අණාවරණය වී තිබේ.
මෘත ශරිර රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර කඳාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.