ග්‍රෙගරි වැවේ ජෙස්ට්කි යාත්‍රා අනතුරින් දරුවන් දෙදෙනෙක් බේරා ගනියි
නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි කුඩා දරුවන් දෙදෙනෙකු (02), නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකය (4RU) මඟින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි.
ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නාවිකයන් විසින් මෙම අනතුර නිරීක්ෂණය කර ඇති අතර, ඒ අනුව එම ඒකකයට අයත් කණ්ඩායමක් කඩිනමින් අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟා වී දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනා මුදා ගැනීමට සමත්ව ඇත.
මෙලෙස මුදාගනු ලැබූ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 13 අතර පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් අනතුරුව වැඩිදුර කටයුතු සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම කටයුතු කර ඇත.
ජීවිතාරක්ෂක රාජකාරි හා හදිසි මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් සූදානමින් සිටින අතර, මෙවැනි හදිසි අවස්ථාවලදී ක්ෂණිකව මැදිහත්වෙමින් ජන ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
