අධි අවදානම් කලාප වල ගංවතුරට නිරාවරණය වුණු සියලුදෙනා මී උණ රෝගයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය සඳහන් කරයි.
මැණික් ගඟ පිහිටාර ගැලීමෙන් කතරගම පුදබිමට පිවිසෙන පිවිසුම් මාර්ග සියල්ල අවහිරවී තිබිණි. මැණික් ගඟේ ජලය අඩුවීමත් සමඟ ජල මට්ටම පහළ බැස තිබූ අතර මේ වන විට කතරගම දේවාලයට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග පිරිසිදු කර යළි යථා තත්වයට පත් කිරීමට හැකි වූ බැව් රුහුණු කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා පැවසීය.
Read Moreදිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍ර දේශවල ධීවර හා නාවික කටයුතු යෙදීම වළක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කිරීමට ඒම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අද පෙරවරු 9.00ට මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු රැස්වීම අද පස්වරු 12.30ට අවසන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreඅධිබලපෑම් සහිත කාලගුණය, ගංවතුර සහ නායයාම් පිළිබද පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇගවිමේ කටයුතු සදහා රුපියල් මිලියන 1,503ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයක් ඉකුත් වර්ෂයේ (2024) වෙන්කොට තිබුනද ඉන් වැයකොට ඇත්තේ රුපියල් මිලියන 357.55ක් හෙවත් සියයට 23.79ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreහදිසි ආපදා තත්වය හේතුවෙන් ඇති වු ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සදහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් නියමව සිටින රැදවියන්ගේ 2025 දෙසැම්බර් 01 වන දින දෛනික ආහාරවේලෙන් එක් ආහාරවේලක් සදහා යොදා ගන්නා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. එම වියළි ආහාර ද්‍රව්‍ය කොළඹ මහ නගර සභාව හරහා පීඩාවට පත් ජනතාවට බෙදාදීමට කටයුතු යොදා ඇති අතර, අදාළ වියළි ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාදීම සදහා කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිතුමා වෙත භාරද
Read Moreපවතින ආපදා තත්ත්වය තුළ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා හි නිරත රජයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් අද (01) වන දින සිට ආරක්ෂිත බව තහවුරු කරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත ආරම්භ කරන මෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreඋතුරු, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනයේදි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඒම ප්‍රකාශය සියලුම මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතය.
Read Moreශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූූහ.
Read Moreලුණුවිල හා වෙන්නප්පුව අතර ප්‍ර දේශවල ජල ගැනිමෙන් විපතට පත් පිරිසක් මුදවා ගැනීමට ගිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
Read More’’27දින රාත්‍රිය වනවිට ගංවතුර ඇතිවන බව දැනගත්තා. නමුත් මීට පෙර අවස්ථා කිහිපයකම තියෙන අත් දැකීම් අනුව මම හිතුන වෙනද වගේම සාමන්‍ය ගංවතුර තත්වයක් ඇතිවෙයි කියල.ඒ නිසා මම හිටියා. මමත් එක්ක බාලසූරිය මාමත් හිටිය .චෛත්‍ය පහළ ඉඳලා වතුර වැඩි වෙනකොට චෛත්‍ය උඩටම ගියා එහි කොටසක ඉන්න පුළුවන් කම තියෙනව.වැස්ස නිසා කුඩත් ඉහළගෙන හිටියා. පස්සෙ හමුදාව බෝටබෝට්ටුවලින් ඇවිත් ඉන්නවත් දැක්ක අපි එයාලට කෑගහුව නමුත් වැඩක් වුනේ නෑ.’’
Read Moreඅලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති විශාල නායයෑමක් හේතුවෙන් පවුල් 15 ක පමණ පුද්ගලයින් 43 දෙනෙකු අතුරුදහන්ව ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිදු කළ මෙහෙයුමකින් පසුව ඊයේ 29 වනදා සවස් වන විට මෘත ශරීර අටක් සොයා ගැනීමට හැකි විය.
Read Moreතලවකැලේ තවලන්තැන්න මාර්ගය නායයයි. කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ නිවාස රැසක් නායයැමේ අවධානමක.
Read Moreවලපනේ ප්‍රාදේශීය රෝහලේ නායයෑමෙන් ජීවිතක්ෂයට පත් 11 දෙනෙකුගේ සිරුරු ඇති බවත්, එම රෝහලට අවශය පහසුකම් ලබා දෙන ලෙස මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියෝ ඉල්ලති.
Read Moreවිදුලි බල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුළ වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහකිත කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වේ.
Read Moreකොත්මලේ නැගෙනහිර කලාපයේ ආපදා රැසක් සිදු වී ඇති බවත්, එම ස්ථානවලට ලගා විමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා ප්‍රියදර්ශනි මහත්මිය මාධ්‍ය හමුවේ කියයි.
Read Moreදිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවී වැසි සහිත කාලගුණ තත්ත්වනේ අඩුවීමක් අද (නොවැම්බර් 30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreවැලිමඩ රේන්දපොල ඊයේ 29 රාත්‍රී බිහිසුණු නායාමක් සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කඩිනම් මෙහෙයුමකින් ආර්ජන්ටිනා හා මෙක්සිකානු විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනෙකු ඇතුළු තවත් දහයකට අධික පිරිසක් මුදවා ගනු ලැබූ බවත් බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය .
Read More2025/11/30 12.00 PM දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද (30දා) පස්වරු 12.00 වන විට පුද්ගලයන් 193ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 228ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඉගිණියාගල සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු මොටර් රථයක්පොල්වත්ත හන්දිය පාලම අසලදි සේනානායක සමුද්‍රයෙන් එන ප්‍රධාන වම් ඇලට වැටි පුද්ගලයෙක් මියගොස් තිබේ.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවරකාපොල, තුල්හිරිය මොන්රෝවියා වත්තේ විශාල නාය යෑමක් නිවාස 6ක සිටි පුද්ගලයන් 18ක් හා ගලවා ගැනීමට ගිය තිදෙනෙක් අතුරුදන්ව ඇත. සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළගා වීම අතිශය දුෂ්කර තත්ත්වයට පත්ව ඇත.
Read Moreරටපුරා බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද පෙරවරු 9.00 වන විට පුද්ගලයන් 123ක් ජීවිතක්ෂයට පත්ව තවත් 130ක් අතුරුදන්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා මතුව ඇති හදිසි ආපදා තත්ත්වයට මුහුණපා ඇති ජනතාව ආරක්ෂා කිරීම හා සහන සැලසීම තවදුරයත් විධිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් අද (28) පිහිටුවීමට කටයුතු කෙරිණි.
Read Moreමෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කාර්යක්ෂම කටයුතු කරමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට පැවසීය.
Read Moreකළා වැවේ පාලම මත බස් රථයක සිරවී සිටි පිරිස ඒ අසළ වහළක් මතට ගොඩ වුවත් එම වහලය ආසන්නයට මේ වන විට ජලය පැමිණ තිබේ. මේ වන විට වහළය කඩා ගෙන යාමද ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මෙහු පුද්ගලයන් 70කට ආසන්න ප්‍රමාණයක් සිරවි සිටින බව වාර්තා වෙයි. ඔවුන් බේරා ගැනීමට ගුවන් හමුදාව, නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කළත් ස්ථානයට ළඟාවීම අපහසු වි තිබේ.
Read Moreමහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික් ගඟ, මල්වතු ඔය යන ගංඟා අධි අවධානම් තත්ත්වයට පත්ව ඇති බැවින් එම ගංගා දෙපස පහත්බිම්වල සිටින ජනතාව වහාම ආරක්ෂිත ස්ථානවලට ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වීමි.
Read Moreනාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් (28) දින කඩාවැටීමෙන් බිරිද, නැන්දම්මා සහ මාස තුනක බිලිදෙකු ජිවිතක්ශයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
Read More