රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් මිලිග්රෑම් 70ක් සන්තකයේ තබා ගැනීමේ වරදට සයින්දමරුදු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අගෝස්තු 15 වනදා මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබී ඇත.
එහිදී, සයින්දමරුදු පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා සැකකරුට එරෙහිව බී වාර්තාවක් මඟින් කරුණු වාර්තා නොකර, හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාළව විධිමත් චෝදනා පත්රයක් මඟින් පමණක් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට එකඟ වී තිබේ. ඒ වෙනුවෙන් ඔහු සැකකරුගෙන් රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇත.
අම්පාර වසන්ත චන්ද්රපාල