කොටහේන වෙඩි තැබීමට සැක පහක් අල්ලයි
- 18 08 2026
- 07:18
- {{hitsCtrl.values.hits}} views
- ..
කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත 2026.08.17 වන දින උදෑසන කාලයේ මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 840 ක් සමඟ අත්අඩංගුවට ගෙන කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු අවුරුදු 21 හා සැකකාරිය අවුරුදු 23 ක් වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.කොටහේන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබිණි අතර විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත 2026.08.17 වන දින දහවල් කාලයේ මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 380 ක් හා අපරාධය සඳහා යොදගත් බවට සැක කරන යතුරුපැදියක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 19, 25 හා 28, වයස්වල පසුවන මට්ටක්කුලිය, දොම්පේ හා මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
