ට්‍රම්ප් ඕමානයට තර්ජනය කරයි
ඇමෙරිකාව ඉරානය සමග කරගෙන යන සාකච්ඡාවලට ඕමානය බාධා කරන්නේ නම් ඕමානයට බෝම්බ දමන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඕමානය ඇමෙරිකාවේ මිත්‍ර රටක් වන හෙයින් ට්‍රම්ප්ගේ මෙම තර්ජනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ.
යුද්ධය ආරම්භයෙන් පසුව ඉරානය වසා දමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඕමානය යන රටවල් ටෙහෙරානය සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වමින් සිටී.
දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී අසභ්‍ය වචනයක් ද භාවිතා කරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා ඕමානයට මෙම තර්ජනය කළ බව ෆොක්ස් වාර්තාකරුවෙකු පැවසීය.
හෝමූස් විවෘත කිරිමට ඕමානය සමඟ ගිවිසුමක් අවසන් කිරීමට ආසන්නව සිටින බව ඉරාන නිලධාරීන් ප්‍රකාශ කර තිබුණ අවස්ථාවක ඇමෙරිකානු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඇමෙරිකාව හා ඉරානය අතර ඇතිකරගත් දින 60ක අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වෙමින් පවතින බැවින් එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡාවල අනාගතය අවිනිශ්චිත වී ඇත.
සඳුදා ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සිටියදී, එම අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි බීබීසී නිව්ස්විසින් ට්‍රම්ප්ගෙන් විමසූ අතර, ඊට ඔහු "නැත" යනුවෙන් පිළිතුරු දුන්නේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
