’නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු’
"මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු.එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ.මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා.අපි විශ්වාස කරන්නෙ අධිකරණය.හැබැයි ඇමතිවරයා කියන්නෙ හිරේ යනවා කියලා ඒ කියන්නෙ නඩුව ලියන්නෙ එයාද" යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්රකාශ කලේ 2026.08.17 දින පොළොන්නරුව මනම්පිටිය ප්රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
"අද මේ රටේ ඉතිහාසයේ පහළ වෙච්ච දූෂිතම, ඒකාධිපති පාලනය අරගෙන යන ආණ්ඩුවක් අපේ රටේ බිහි වෙලා තියෙන්නේ. ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට ඕන විදියට මේ පාලනය අරගෙන යන්න ඕනේ, ආණ්ඩුවට විරුද්ධව නැගිටින හැම බලවේගයක්ම පාගන්න ඕනේ, ආණ්ඩුව හිතන දේ විතරයි හරි, අනිත් හැමෝම හොරු කියලා... ආණ්ඩුවට වැරදිලා!
මං දැක්කා එක ඇමතිවරයෙක් කියනවා මේ නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. මොකද එයාත් දන්නේ නැහැ නඩු තීන්දුව දෙන. නේද? මොකද මං අද වෙනකන් හිතන් හිටියේ නඩුව අහන්නේ ගරු අධිකරණය කියලා අපේ හාමුදුරුවනේ. අපි විශ්වාස කරන්නේ අධිකරණය. හැබැයි ඇමතිවරයා තමයි කියන්නේ හිරේ යනවා කියලා. ඒ කියන්නේ නඩුව ලියන්නේ එයාද?"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
