නෙට්බෝල් කණ්ඩායමට ලෝක කුසලානයට යන පාර වැසෙයි
වසර 21 කට පසුව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ බවත් , එනිසාම මෙතෙක් ලෝක කුසලාන තරගාවලියකට සහභාගී නොවූ හොංකොං කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා වූ බවත් ශ්‍රී ලංකා නෙට්බෝල් ෆෙඩරේෂනයේ ලේකම් , ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ හිටපු නායිකා දමයන්ති ජයතිලක මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ 08/16 දින පැවසුවාය.
මේ සඳහා හේතු වූයේ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම තුළ පැවති අසමගිය බවද ඇය සඳහන් කළාය. ඇය එසේ පැවසූවේ 14 වන ආසියානූ නෙට්බෝල් ශූරතා තරගාවලියට සහභාගී වී , එහි තුන් වන ස්ථානය හිමි කර ගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීය .
මෙම තරගාවලිය සදහා සුදුසු ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිනිය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතර අසමගියක් ඇති වන ආකාරයට ක්‍රියා කළ බවත් , විශේෂයෙන් කනිෂ්ඨ ක්‍රීඩිකාවන් අපහසුතාවයට පත් වන ආකාරයට මෙම තරගාවලිය පුරා ඇය හැසිරුණු බවත් , මෙවර ආසියානූ කුසලානය අහිමි වීමට මෙය දැඩි ලෙස බලපෑ බවත් දමයන්ති ජයතිලක මහත්මිය පැවසුවාය .
තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 11 ක සහභාගීත්වයෙන් ඉකුත් 08/08 දින සිට 08/15 දින දක්වා චීනයේ හොංකොං නුවර පවත්වා තිබුණි .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
