පෝලන්ත සංචාරක බස් රථයක් හංගේරියාවේ මහාමාර්ගයකින් ඉවතට පැන කාණුවකට පෙරළී සිදුවූ අනතුරකින්
පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් සහ ඊසානදිග නගරයක් වන Nyíregyháza සම්බන්ධ කරන M3 මහාමාර්ගයෙන් ඉවතට
පෙරළීමෙන් මෙම බස් රථය අනතුරට ලක්ව තිබේ.
රියදුරුට රිය පදවන අතරතුර නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන අතර, ඔහුව අත්අඩංගුවට ගෙන
ඇත.
බස් රථයේ සිටි මගීන් 57 දෙනාගෙන් සහ රියදුරන් දෙදෙනාගෙන් 35 දෙනෙකු ගිනි නිවන භටයින් විසින් බේරාගෙන
ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

