මේ මාසය තුළ රස පරීක්ෂක වාර්තා 9,000ක් ලබාගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්, එමඟින් රැඳවියන් විශාල පිරිසකට ඇප ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාසඳහන් කළේය.
අමාත්‍යවරයා ඊයේ(15) මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේය.
එමෙන්ම, දිවයිනේ බන්ධනාගාර 33ම ආවරණය වන පරිදි හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වන විශේෂ කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය. රැඳවියන් සමඟ සෘජුව සාකච්ඡා කළ අමාත්‍යවරයා ඔවුන්ගේ ආහාර, සනීපාරක්ෂක පහසුකම් සහ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සම්බන්ධ ඉල්ලීම් පිළිබඳව ද අවධානය යොමු කළේය.
