ඩ්‍රොන 822කින් රුසියාවේ ඉලක්ක 600කට යුක්රේනයෙන් ප්‍රහාරයක්
යුක්රේනය විසින් මෙම වසරේ දියත් කරන ලද විශාලම ප්‍රහාරය හේතුවෙන් රුසියාවේ අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇත.
ඩ්‍රෝන යානා 822 ක් පමණ භාවිත කරන ලද මෙම ප්‍රහාරයේද මොස්කව්හි ඉලක්ක 600 කට පමණ පහරදී ඇති. රුසියානු අගනුවර මෑත මතකයේ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරයකට ගොදුරු වූ බව එහි කලාපීය ආණ්ඩුකාරවරයා
පැවැසීය. මෙම ප්‍රහාරවලින් රුසියානු අන්තර්ජාල සිල්ලර වෙළෙන්දෙකු වන වයිල්ඩ්බෙරි වලට අයත් ගබඩාවක්ද ඉලක්ක වී තිබේ.
යුක්රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් ද අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 39 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
රුසියාව මෑත සතිවල යුක්රේනය පුරා මිසයිල ප්‍රහාර තීව්ර කර ඇති අතර, යුක්රේනයද රුසියාව තුළ ඩ්‍රෝන ප්‍රහාර වේගවත් කර ඇත.
රුසියාවේ නිරිතදිග රොස්තොව් ප්‍රදේශයේ රාත්‍රී ප්‍රහාරවලින් පසු පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය බව එහි ආණ්ඩුකාරවරයා පැවසීය.
යුක්රේනයට මායිම්ව පිහිටි බෙල්ගොරොඩ් හි නිලධාරීන් පැවසුවේ සිවිල් බස් රථයකට පහර දීමෙන් කාන්තාවක් මිය ගිය බවත්, මොස්කව් කලාපයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් 83 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බවත් ආණ්ඩුකාර ඇන්ඩ්‍රි වොරොබියොව් පවසයි.
මොස්කව් නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 25ක් (සැතපුම් 15.5) දුරින් පිහිටි කොලෙඩිනෝ හි වයිල්ඩ්බෙරි ගබඩාවකට ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් තිදෙනෙකු තුවාල ලැබූ බව නගරාධිපති සර්ජි සොබියානින් පැවසීය.
ඇමසන් හි රුසියාවේ අනුවාදය ලෙස හැඳින්වෙන වයිල්ඩ්බෙරි, ජූලි මාසයේ සිට නැවත නැවතත් ඉලක්ක කර ඇත. රුසියානුවන් විසින් හමුදා උපකරණ මිලදී ගැනීමට භාවිතා කරන සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදාවට සැපයුම්
කඩාකප්පල් කරන බව කියෙව් ඒ අවස්ථාවේ පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
