saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5330 hours ago

LATEST

බයිඩන් ජපානයේ නිල සංචාරය ආරම්භ කරයි

calendar_today 2022 මැයි 22 - 20:00 remove_red_eye - 247  

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා දකුණු කොරියාවේ පියොංටෙක්හි ඔසාන් ගුවන් කඳවුරෙන් ජපානය බලා පිටත්ව ගියේය.

ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වනවිට එකඟතාව පළකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන් හතේ සමූහයෙන් බොහොමයක් අහස උසට නැඟෙන මිල ගණන් සමග පොරබදමින් සිටිති.

Read More

අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටීමට නියමිත අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට තීරණය කර තිබේ.

Read More

කොළඹ ගෝල් ෆේස් පිටියේ අරගලයක නිරත පිරිස් වෙත මතුරන ලද ජලය ලබාදුන් බවට වන චෝදනාද ඇය ප්‍රතික්ෂ්ප කරයි. ’’මම ඒ දේවල් කරන වර්ගයක් කෙනෙක් නෙවෙයි’’ ඇය අවධාරනය කරයි

Read More

රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කරඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යාවශ්‍ය දේවල් සදහා පමණක් අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කරන ලෙසටද උපදෙස් දුන්නේය.

Read More

වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ පළමු මහලේ සැක සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

පැය 15ක් විදුලිය කපනවා කියන එකත් පදනම් විරහිතයි. විදුලිය නොකපා ඉන්නවා කියන එකත් පදනම් විරහිතයි. මේ පිළිබඳව මහජනතාව විශේෂ තැකීමක් කළ යුතු නෑ.

Read More

23 දා සිට ජුනි මස 01 දා තෙක් පස්වරු 6.00න් පසු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි කැසෙන්ඩ්‍රා ෆර්නාන්දු මහත්මිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ආසනයක් ජය ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. ඇය මෙවර ඔස්ටේලියා මහ මැතිවරණය ජයගත් කම්කරු පක්ෂය නියෝජනය කරමින් හෝල්ට් ආසනය සඳහා තරග කළාය. ඔස්ට්‍රේලියවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකිකාව වන්නේ කැසෙන්ඩ්‍රයි.

Read More

මැයි 09දා දිවයින පුරා ඇතිවූ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය පවත්වන විමර්ශනවලට අදාළව මේ වන විට පුද්ගලයන් 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

වත්මන් රජයේ අමාත්‍යධුර ලබා ගන්නා තවත් පිරිසක් පිළිබදව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඊයේ (21දා) පස්වරුවේ මාතලේ දී පැවති රැස්විමකදි අනාවරණය කළේය.

Read More

කොළඹ නාගරික කොමසාරිස්වරිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කරමින් කොළඹ නාගරික මන්ත්‍රිවරු කිහිප දෙනෙක් කොළඹ නගරසභාව ඉදිරිපිට මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විමසා බැලිම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද එම ස්ථානයට ගොස් තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ඇන්තෝනි ඇල්බනීස් වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබ පැතුම් එක්කර තිබේ.

Read More

කැකිරාවේ පෞද්ගලික ඉන්ධන හළක තෙල් ඉවරවීමත් සමගි ඉන්ධන ලබාගැනීමට නොහැකිවූ පිරිසක් විසින් එම ඉන්ධන හල් හිමිකරුගේ නිවසට ගිනි තබා තිබේ.

Read More

21 වැනි සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

දැන් සමහර අය මටත් කියනවනේ වජිර ඩීල් කාරයා කියලා. ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ. නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා. දේශපාලන ස්ථාවරත්වයක් නැහැ ඩීල් එකක් නැති නම්. ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ.

Read More

ඉන්ධන හා ගෑස් ඉල්ලා අද දිනයේදීත් විවිධ ස්ථානවල ගැස් හා ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතා පවත්වමින් සිටියි. මේ වන විට කොළඹ - පුත්තලම මාර්ගය කාකපල්ලිය ප්‍ර දේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඳවිසා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්නන් වෙනුවෙන් මාස 6කට පසු ඩොලර් 25000ක තීරුබදු බලපත්‍රයක් ලබාදීමට ඔහු යෝජනා කර තිබේ.

Read More

දැනටමත් ගෝලීය වශයෙන් මිලියන 6.2කට අධික ජනතාවක් මරා දමා ඇති කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට ලෝකය තවමත් සටන් කරමින් පසුවන වටපිටාවක, මෙම නවතම වෛරසයද කණස්සල්ල ඇති කර තිබේ.

Read More

ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ඉන්ධන නෞකාවක් අද (21දා) කොළඹට පැමිණ තිබේ. ස්වර්ණ මාලා නෞකාවෙන් මේ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගෙනවිත් තිබේ.

Read More

එංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ පවා ශ්‍රී ලංකා නාමය බබලවමින් රන් පදක්කම් දිනාගැනීමය සමත්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණු සැසියකදී මෙරට ප්‍රථම වරට පැරෂුට් (canopies) 11 ක් උඩු ගුවනේ එක පෙළට පෙළගස්වමින් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කළේය.

Read More

මැතිවරණ ප්‍රතිඵලය මගින් ලිබරල්-ජාතික සභාගය වසර නවයකට ආසන්න කාලයක් බලය අල්ලා ගැනීම අවසන් කරන අතර, ඇල්බනීස් ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති වීමට නියමිතය.

Read More

ඉන්ධන ඌණතාවත් සමග ඇතැම් පුද්ගලයන් බූලිවලට, බැරල්වලට හා කෑන්වලට ඉන්ධන ලබාගොන් වැඩි මිලට අලෙව් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගෙන් හතර දෙනෙකු එකම පවුලේ අය බවයි.

Read More

’’සාමය සඳහා සෞඛ්‍යය, සෞඛ්‍යය සඳහා සාමය’’ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම දින හතක රැස්වීම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ප්‍රථම මුහුණට මුහුණ සෞඛ්‍ය රැස්වීම වනු ඇත.

Read More

අපේ‍්‍රල් සිට මාස 12 තුළ එරට උද්ධමනය වසර 40ක ඉහළම අගය වන 9%ක් දක්වා වේගවත් වූ බව එක්සත් රාජධානියේ රජය මේ සතියේ වාර්තා කළේ බොහෝ බි‍්‍රතාන්‍යයන්ගේ ජීවන රටාව අඩාල කරමිනි.

Read More

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ට්විටර් ගිණුම හරහා ඉංග්‍රීසි කියමනක් උපුටා දක්වමින් පවසන්නේ නරක කාලයන් නොමැති බවත් සිටින්නේ නරක නායකයන් බවත්ය.

Read More

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත් වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්ධන බෙදා හැරිම නැවැත්වීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.

Read More

සහල්, කිරිපිටි, ඖෂධ ඇතුළත් ඉන්දීය මානුෂී ආධාර ‌තොගයක් හෙට (22දා) ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.