ගැබිනි මව්වරුන්ට දැනට ලබාදෙන රුපියල් 20000ක දීමනාව වෙනුවට තවත් රුපියල් 2500ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමට යෝජනා කරන බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61000ක් වෙනුවෙන් මෙම පවුල් සඳහා වසරේ ඉදිරි කාලසීමාව තුළ මසකට රුපියල් 10000 බැගින් ලබාදීමට කටයුතු කරන බව ජනපතිවරයා පැවැසිය.
කුඩා ධීවර යාත්රා හිමියන්, විදුලි බල පහසුකම් නොමැති වතු පවුල් සඳහා සහනාධාර ලබාදෙන බවද ජනපතිවරයා පැවැසීය.