ගාල්ල සිට මාතර බලාධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථයක් අද (30දා) උදැසන ගාල්ල සමුද්‍ර රමාවතේ දි වෙනත් රථයකට ඉස්සරකිරිමට යාමේ දි ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබු ලොරිරථයක ගැටිමෙන් වු අනතුරකින් බසයේ රියදුරු මියගොස් ලොරිරථයේ රියදුරු හා තවත් අයෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පුද්ගලික බස්රථයේ රියදුරුවන මිරාන් චානක (33) නැමති ගම්මැද්දගොඩ නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ හොරංගල්ල මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදිවියේ පසුවන ලොරිරථයේ රියදුරු හා 40 හැවිරිදිවියේ පසුවන ලොරිරථ සහායකයාය.
අනතුරවන අවස්ථාවේ දි බස්රථයේ මගින් ද සිට ඇති අතර මගින්ට අනතුරුක් වි නැත. ලොරිරථය පුවත්පත් බේදාහැරිමේ කටයුතු සිදුකරණ ලොරිරථයක් වන අතර පුවත්පත් බෙදිමේ කටයුතු අවසන්කොට මාතරදෙස සිට ගාල්ල දෙසට ලොරිරථය ධාවනය වෙමින් තිබියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.
රවින්ද්රශ්රිලාල් / චන්දන සමරවික්‍රම

