තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7.00 තෙක් වලංගු වෙයි.
පහළ වායුගෝලයේ කැළඹිලි සහිත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බැවැන් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම සෙසු ප්‍ර දේශවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
