පවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇති අතර ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වනවිට උපදෙස් ලබාදී තිබේ.
ඉදිරියේදි ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරික්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිම් සදහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් සුදානමින් සිටින බව ගුවන් හමුදාව සඳහන් කළේය.
