සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය.
2012 වසරේදි කළ බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් තිදෙනා මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ඔක්තෝම්බර් මස විසි එක් වෙනිදා පැවැත්වීමට දින නියම කළේය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.
2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මීට පෙර අවස්ථාවක අදිකරනයෙ නිකුත් කළ සිතාසියට අනුව විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරයා නඩු විභාගය ඔක්තෝබර් ඔක්තෝබර් විසි එක් වෙනිදා පැවැත්වීමට දින නියම කළේය..
මෙම නඩුවට අමතරව 2013 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ මීට පෙර අවස්ථාවක තවත් නඩුවක් පවරා ඇත.
