ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ ඉන්ධන පිරවුම්හල් 4ක් වෙත ඉන්ධන නිකුත් කිරීම නවතාලීමට ලංඛා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට නෝට්ටු වශයෙන් තමන් ළඟ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇ.ඩොලර් 15,000ක් බවත්, මෙම සීමාව 10,000ක් දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreයුක්රේනයේ සිදුවන යුද ගැටුම් ගෝලීය ආහාර අනාරක්ෂිතභාවයේ ගින්නට ඉන්ධන එකතු කර ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයන්ට අනතුරු අඟවා තිබේ.
Read Moreපසුගිය 09 දා ගෝල්ෆේස් හා කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන අයගෙන් අපරාධ පරීක්ෂණ පැය 5ක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඊයේ දිනයේදී ඔවුන්ගෙන් මෙම ප්‍රකාශ සටහන් කර තිබේ.
Read Moreරුපියල් ලක්ෂ 170කට අධික වටිනාකමකින් යුත් මුදල් හා තවත් රුපියල් ලක්ෂ 300කට අධික වටිනාකමකින් යුත් හොරොයින් කිලෝ ග්‍රෑම් 3.300ක ප්‍රමාණයක් සමග සැකකරුවක් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreරටවල් ’’ඔබ - දිනන - මම - පරදින’’ යන සීතල යුධ මානසිකත්වයෙන් ඔබ්බට ගොස් සෑම රටකම ආරක්ෂාවට ගරු කිරීම සහ එය සහතික කළ යුතු බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.
Read Moreබ්‍රිතාන්‍ය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ කැනඩාව යන රටවලින් මෙම නවතම monkeypox වෛරසය ආසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බව කියයි.
Read Moreපවතින ගෑස් හිගය සහ ඊට අදාළ විසදුම් පිළිබඳව විමර්ශනය සදහා ලිට්‍රෝ ගෑස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හෙට (20) පෙ.ව 11.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.
Read Moreඑදිනම මිචිගන්හි ගාර්ඩන් සිටි හි සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත්, දෙදෙනෙකු තුවාල ලැබීය.
Read Moreවිදුලි බලය නිෂ්පාදනයට අද වනවිට අවශ්‍ය ජල විදුලිබලයේ දායකත්වය 50%ක් දක්වා ඉහළට ගොස් ඇති බවත් මේ තත්ත්වය තරමක් දුරට හිතකර දෙයක් වන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, (ජල විද්‍යා) ඉංජිනේරු එස්.පී.සී. සුගිෂ්වර මහතා පැවසීය.
Read Moreමෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ප්‍රාදේශීය ගිනි නිවන භටයන් යොදාගෙන ඇති අතර, ඒ සඳහා තවමත් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreපසුගිය 09 දා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 450ක පිරිස අතර ජවිපෙ සාමාජිකයන් 150ක් සිටින බවට පොලිස්පති තමන්ට පැවසූවා යැයි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් කර ගැනීමට මෙසේ ජවිපෙ පොලිස්පතිවරයා හමුවන බව අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreමැයි 09 වැනි දින කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පිහිටි අරගල භූමිය වෙත පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read Moreබස්නාහිර ප්‍රදේශය බාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට පහරදුන් බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටි සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19දා) නියම කළේය.
Read Moreගෝල්ෆේස් හා අරලිය ගහ මන්දිරය අවට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read More2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා හෙට (20දා) වන දින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
Read Moreවිපක්ෂයෙන් හුස්ම වැඩ සටහන යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග දෙකක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ සාමාජිකයන්ගේ අරමුදලින් ගෙන්වීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රජය වියදම් කරන මුදල් ජනතාව වෙනුවෙන් වෙනත් වැඩසටහනකට යෙදවිය හැකි බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreවිධායක ජනපතිධුරය අහෝසි කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read More13 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (19දා) අභිමානවත්ව හා ඉතා චාම් අයුරින් පැවැත්විය.
Read Moreපොලිසයේ රාජකාරිය පැහර හැර තිබෙනවා. ඒ නිසා අපේ පැත්තේ අය කියනවා පොලීසයේ ඉන්නේ IGP නෙමෙයි PIG කියලා. මම දන්නේ නෑ ඒකේ තේරුම මොකක්ද කියලා. ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා. දේපළ හා නි ජීවිත හානි වළක්වා ගන්න තිබුණා. ඒ අයටම පරීක්ෂණ කටයුතු සිදු කරන්න දෙනවනම් වෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.
Read More“ගෑස් නැව ආවා. ලොරි දාලා ගෙනියන්න කියලා නියෝග දිලා තිබුණේ. ඊයේ රෑ අට වෙනකම් ලොරි දාලා තිබුණේ නෑ. ඒ නිසා මම ඒ නිලධාරීන් මෙහාට කැඳවනවා. ඒත් මම විශේෂයෙන්ම අපේ කෝප් කමිටුවේ සභාපතිතුමා කියන්න කැමතියි. හෙට ලිට්‍රෝ ගෑස් සමාගම ගෙනල්ලා ඇයි ප්‍රමාද කළේ කියලා හොයලා වාර්තාවක් දෙන්න කියලා. මිනිස්සු දුක් විදින අවස්ථාවේ මේ අය කල්ගන්න හදනවා. අපි ඔක්කොම දුවලා වැඩ කරනවා. රෑ එකලොහ දොලහ වෙනකම්. “
Read Moreඉන්ධන ලබාදීමට නොහැකිනම් පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරුන්ට නැවතී සිටීමට හෝටල් වෙන්කර දෙන ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුව හෙට දිනයේ රජයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධරයන් හැර අනෙකුත් නිලධාරීන් සේවයට වාර්තා කිරිම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.
Read Moreඉන්ධන මිල ඉහළයාම සහ ඉන්ධන හිගය නිසා මාළු ප්‍රවාහනයට හා එළවළු ප්‍රවාහනයට සිදුව ඇති අහිතකර බලපෑමත් සමග බදුල්ලේ මාළු මිල සහ එළවළු මිල දෙතුන් ගුණයකින් ඉහළගොස් තිබේ .
Read Moreඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද(19දා) අළුයම පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
Read Moreගරු අගමැතිතුමා (මහින්ද රාජපක්ෂ). එතුමාගේ ජනාධිපතිධුර දෙක ඉවරවුණාට පස්සේ සමුගත්තානම් හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවටල ලක්වෙනවා. විශාල පරිත්‍යාගයක් කරලා තියෙනාවා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයේ. අද ඒ සියල්ලම නැතිවෙලා තියෙනවා. අපි දේශපාලනය කරනවානම් අත්හැරිමත් කරන්න ඕන. අපි මේ තනතුරුවට ලෝභ වුණොත් මෙවැනි දේවල්වලට මුහණ දෙන්න වෙනවා. නියම වෙලාවේදී දැනගත්තෝත් අපිට මේ දේ කරන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම වාසනාවන්තයි.
Read Moreතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහල දැමීමට බේකරි හිමියන් තීරනය කර තිබේ.
Read Moreමේ වන විට ලොකු කථාවක් යනවා දුටු තැන වෙඩි තියන්න කියලා නියෝගයක් නිකුත් කරලා තියෙනවා කියලා. එහෙම නියෝගයක් නිකුත් කරලා නෑ. ලිඛිතවත් නෑ. අපිට මිනිස්සුන්ට වෙඩි තියන්න ඕන නෑ. අපි ඔවුන්ව වෙඩි තැබීමෙන් වළක්වා ගත යුතුයි.
Read Moreයුද්ධයේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකු වශයෙන් මම ඔබේ වටිනා ජීවිතයේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම කරනවා යැයි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධයෙන් ආබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන් අමතමින් පැවසීය.
Read More“අපි තීරණයක් ගත්තා ඇමතිවරුන් පත් කිරිමේදී ඇමති වැටුප් ලබාගන්නේ නෑ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම ඇමතිවරුන්ට තියන වරප්‍රසාද අඩු කරන්නත් අපි සාකච්ඡා කරලා දැනුම් දෙනවා කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි.”
Read More