ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අද (30දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවිය.
එම හමුවේදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
