විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව “හොඳ ප්‍රගතියක්” ලබා ඇති බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී අපි හොඳ ප්‍රගතියක් ලබා ඇති බව මට ප්‍රකාශ කළ හැකියි. IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් වන පළමු සන්ධිස්ථානයට ලඟා වීමට අපට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,” යැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.