හැටන් ප්‍රදේශයේ තොග වෙලෙන්දන් සහ ඇතැම් ආහාර ද්‍රව්‍ය බෙදා හරින ආයතන වලින් සිල්ලර කාසි වලට භාණ්ඩ ලබා නොදිම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව හැටන් නගරයේ කුඩා පරිමාණයේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් කියා සිටියි.
හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පාසල් අසල පාසල් උපකරණ ඇතුළු පාසල් ළමුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සුළු පරිමාණ ව්‍යාපාරිකයන් මෙම අසරණ තත්ත්වයට පත් වි ඇත.
පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් තම වෙලදසැලට පැමිණ රුපියල , රුපියල් දෙක , රුපියල් පහ යන කාසි ලබා දි ඔහුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ මිල දි ගන්නා බවත්,එම මුදල් වලින් යලිත් තම වෙලදසැලට භාණ්ඩ ලබා ගැනිමේදි එම සිල්ලර කාසි වලට හැටන් ප්‍රදේශයේ ඇතැම් තොග වෙලෙදුන් සහ ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා හරින සමාගම් විසින් එම සිල්ලර කාසි ලබා නොගන්නා බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් ව්‍යාපාර කටයුතු කරන තමන් දිනකට රු 5000 – 10000 අතර සිල්ලර කාසි වලට භාණ්ඩ අලෙවි කරන බවත්,එසේ එකතු කල මුදල් විශාල ප්‍රමණයක් තමන් සන්තකයේ තිබුණද එම මුදල් නොට්ටු බවට පත් කර ගැනිමට එම සිල්ලර කාසි කිසිවෙකු ලබා නොගන්නා බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.
සිල්ලර කාසි ලබා නොගැනිම සම්බන්ධයෙන් අප හැටන් නගරයේ තොග වෙලෙදුන් කිහිප දෙනෙකුගෙන් සහ ආහාර ද්‍රව්‍ය බෙදා හරින ආයතන කිහිපයකින් කල විමසුමකට ඔහුන් කියා සිටියේ සිල්ලර කාසි ගණන් කිරිමට දිගු කාලයක් ගත වන නිසා තමන් සිල්ලර කාසි ලබා නොගන්නා බවයි.
