රුපියල් පහලොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කිලෝ ග්රෑම් 06 යි ග්රෑම් 995 ක් බරැති රන් බිස්කට් 60 ක් ඉනේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු ඊයේ රාත්රී අත් අඩංගුවට ගෙන තිබේ. මොහු ජා - ඇල ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
මෙම රන් බිස්කට් දහය බැගින් වූ පාර්සල් 06 කට සකස් කර ගත් මොහු ඒවා , තම ඉන ප්රදේශයේ සගවා ගනිමින් ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයා සහ ඔහු රැගෙන ගිය රන් බිස්කට් තොගය ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීමට සූදානම් කර තිබූ බවට රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මෙම රන් බිස්කට් සියල්ල කැරට් 24 තනි පවුම් රත්තරන් බව තක්සේරුකරුවන් රේගුවට සනාථ කර තිබේ. කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මෙම වෙළෙඳ සේවකයා ද අත් අඩංගුවේ තබා ගනිමින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.