අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මන්නාරමේ දී අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත් වූහ.
මන්නාරම යුද හමුදා මාර්ග බාධකය හරහා අද (31දා) උදෑසන 06.15 පමණ තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා කැබ් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටියදී වයස අවුරුදු 32 සහ 36 හැවිරදි පුද්ගලයන් දෙදෙනෙකු යුද හමුදා මන්නාරම මාර්ග බාධක රාජකාරි කරමින් සිටි 54 වන පාබල සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ 11 වන කාලතුවක්කු හමුදා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන එම මත්ද්‍රව්‍ය, කැබ් රථය සහ සැකකරුවන් මන්නාරම පොලිසිය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාර දී ඇත.
එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම මිලියන 150ක් පමණ වේ.
