2021 වසරේ අගෝස්තු මාසය වන විට රුපියල් ලක්ෂයක බැංකු තැන්පතුවක අද වන විට වටිනාකම රුපියල් 30000ක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.අයවැය විවාදයට ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"අවුරුදු 30ක් 40ක් වැඩ කරලා ඉතුරුකර ගත්ත දේට මොකක්ද වුණේ? 2019 ඉදන් 2022ට බලන්න ඕන නෑ. එහෙම බැලුවොත් කථානායකතුමාටත් කලන්තේ දායි.
2021 අගෝස්තු ඉදලා 2022 අගෝස්තු වෙනකම් බලන්න මොකක්ද වුනේ කියලා. රුපියල් ලක්ෂයක් කවුරු හරි ඉතිරි කරලා තිබුණානම් මේ අවුරුද්ද තුළ ඒ රුපියල් ලක්ෂයේ වටිනාකම රුපියල් 30000ට අඩුවෙලා. අඩුකරලා.
ජනතාවගේ සමස්ත ඉතිරිකිරීම්වලින් සියයට 70ක් රාජපක්ෂලා හොරකම් කරලා කිව්වොත් ඒක වැරදි නෑ කථානායක තුමනි. ඒක තමයි ඇත්ත කථාව, ඒක තමයි වෙලා තියෙන්නේ. "