saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4872 hours ago

LATEST

ආර්ජන්ටිනාවෙන් හඳුනා නොගත් රෝගී තත්ත්වයක්!

calendar_today 2022 සැප් 02 - 17:30 remove_red_eye - 194  

ආර්ජන්ටිනාවේ නොදන්නා සම්භවයක් ඇති නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කරයි.

ඔව් අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. ජනාධිපතිතුමායි අපියි එකට වැඩ කරනවා. ඒක තමා System Change එක. එතුමා මුලින්ම කුඩු හදන්න උත්සහා කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාව කොටලා එලෙව්වේ. අපි ස්තුතිවන්ත වෙනවා අර්බුදය තේරුම් අරගෙන හරීන් හා මනුෂ ඇමතිවරු කළ කැපවීමට. මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව.

Read More

ගෑස් සැපයුමේ හිඟයකට මුහුණදෙන යුරෝපීය රටවල් චීනය සිය අතිරික්ත ද්‍රව ස්වභාවික වායුව (LNG) විකිණීමට පටන් ගැනීමත් සමග ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයාගෙන තිබේ.

Read More

ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළේ අය වැය විවාදයේදි අදහස් දැක්වීමට තම කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදීමට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා බව පාර් ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

ලුෆ්තාන්සා ගුවන් සේවය ඇස්තමේන්තු කරන්නේ පැය 24ක වැඩ වර්ජනයෙන් මගීන් 130,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වනු ඇති බවයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන වසරේ ජනවාරි 15 දා තෙක් විදෙස් ගතවීමට අධිකරණය අවසර දුන්නේය. ඒ් ඔහුගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ‌විදෙස් ගතවීමට අවසර දෙන ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුවය. ඒ් අනුව බැසිල් රාජපක්ෂ මහතාට ඇමෙරිකාව බලා පිටත්වයෑමට අවසර ලැබුණි.

Read More

මෙක්සිකෝව සහ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය අතර මායිමේ රියෝ ග්‍රෑන්ඩ් ගඟේ අනතුරුදායක තරණයකට උත්සාහ කළ පිරිසක් අතරින්, සංක්‍රමණිකයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අවුරුදු 12ක් පුරා සිදුකරන ලද පරීක්ෂණයක ප්‍රථිඵලයක් ලෙස Ld 376 නමින් නව වී වර් ගයක් හඳුන්වා දීමට ගාල්ල ලබුදුව වී පර් යේෂණ ආයතනය සමත් වී ඇත. පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් ලබුදූව පර් යේෂණ ආයතනයේ පර් යේෂණ නිලධාරී මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය බව අනාවරණය කළාය.

Read More

ග්‍රාමීය නිරිතදිග හුයිලා දෙපාර්තමේන්තුවට එල්ල වූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් අට දෙනෙකු මිය ගිය බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ හෙළි කරයි.

Read More

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා අද පාර් ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.එහදි පාර්ලිමේන්තුවේදී ඔහු මේ සම්බන්ධයෙන් වූ ලැයිස්තුවක්ද ඉදිරිපත් කළේය. ජනපති උපදේශක, ජනපති මාධය අධ්‍යක්ෂ ජනරාල්, ‌මෙන්ම අධ්‍යක්ෂවරු 15ක්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු 10ක්, ඡායාරූප ශිල්පීන් 8ක්, වීඩියෝ සංස්කරණ ශිල්පීන් 4, මාධ්‍ය සහකාර 6 ක් ලෙස කාර්ය මණ්ඩලයක් ජනපති මාධ්‍ය අංශයට පවතින බව ඔහු පැවැසීය.

Read More

සෞඛ්‍ය උපකරණ වර් ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් තියෙනවා ගෙවන්න. ඒවා ගෙවනවද? ණය ගෙවනවනද? මම සාකච්ඡා කරලා ඒ තීරණය ගත්තා. නන්දලාල් වීරසිංහ මහත්තයා ඒ තීරණය වෙනුවෙන් උපදෙස් දුන්නා. කාට හරි එතුමව යවන්න ඕන නම් මම යන්නම්.

Read More

ලබන සතියේ සිට ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදී පිටරට සිටින අයට ඩොලර් ගෙවා ලංකාවේ ගෑස් ඇණවුම් කර තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල යළිත් වතාවත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රි යේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ මිල සංශෝධනය කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව බංකොලොත් කළේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවට මේ වන විට ප්‍රචාරයක් යන බවත් එය අසත්‍ය බවත් පාර් ලිමේන්තු මන්ත්‍රී ආචාර් ය හර් ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

රජරට රැජින දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියෙකු ලෙස, චීනය සෑම විටම IMF සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෙස දිරිමත් කරන බව චීනය පවසයි.

Read More

මිද්දෙනිය සතොස්මාතාගම ප්‍ර දේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්‍රි මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 47ක් වන සතොස්මාතාගම පදිංචිකරුවෙකි.5

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය කඩුලු 2කින් ජය ගනිමිනි.

Read More

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

Read More

අද රාත්‍රි යේ ඉන්ධ මිල සංශෝධනයක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා අටක් ස්ථාපිත කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදු කෙරිණි.

Read More

මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.

Read More

සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පොම්පකරුට බරපතළ තුවාල සිදුවී ත්‍රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට සහ ඉන්ධනහලට බරපතල අලාභ සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ජනපතිවරයාට එරෙහිව ජුලි 9 දා එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ හිටපු ජනපතිවරයා මුලින්ම මාලදිවයිනටත් ඉන් අනතුරුව සිංගප්පූරුවටත් පිටත්ව ගියේය.

Read More

’’පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙතෙක් වෙන් කල කාලයට ගරු නොකොට ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගේ නම අද දින අයවැය විවාදයේ කථික ලැයිස්තුවෙන් ඉවත් කොට ඇත. විවාදය අවසන් වූ පසු පුවත්පත් නිවේදන හරහා කරුණු පැහැදිලි කිරීමෙන් පලක් නැත.’’

Read More

කර්මාන්ත ක්ෂේත්‍රය සදහා අවශ්‍ය සිමෙන්ති,යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල සම්බන්ධයෙන් පවත්නා ගැටළුව විසදීමට ඉදිරි සතිය තුළදී අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා කිරුබාකරන් සහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ යන අයයි.

Read More

වැට් බදු ඉහළ දැමීමට සාපේක්ෂව දුම්වැටියක මිලද අද සිට වැඩි කිරීමට දුම්වැටි අලෙවිකරන සමාගම් තිරණය කර තිබේ.

Read More

මම ආණ්ඩුවට යන්නේ නෑ ඒක මතක තියා ගන්න. නැතනම් හිතයි මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕන නෑ. අවුරුදු 7ක් ඇමතිකම් නැතිව හිටියේ. ඇමතිකම් නැතිවුණත් අපේ පැත්තේ මිනිස්සු මට මහ ඇමතිට වගේ සලකන්නේ. අපි ඔක්කොම එකතුවෙලා මේ දැල උස්සමු. දේශපාකයෝ විතරක් නෙමෙයි මේකට නිලධාරිනුත් වග කියන්න ඕන. මේකට මහ ජනතාවත් වග කියන්න ඕන. මොකද මහ ජනතාව වග කින්න ඕන අපි අගේ අය පාර්ලිමේන්තුවට යැව්වට. ඊළඟ පාර වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන්නෙත් නෑ.”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.