2022 වසරේදී පමණක් ඇමෙරිකාව විසින් ශ්රී ලංකාවට ඩොලර් මිලියන 240කට වැඩි නව ආධාර ප්රකාශයට පත්කළ බව ශ්රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි.
ඇය සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් මේ බව පවසයි. මෙම අගය ශ්රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 88.5කට අධික වෙයි.