හික්කඩුව, ගාල්ල, බද්දගම යන නගරවල පිහිටා ඇති රාජ්ය බැංකුවක ATM යන්ත්ර හරහා එකම ආකාරයක වංචා තුනක් හරහා මුදල් රුපියල් කෝටියක අධික ප්රමාණයක් සොරකම් කර ඇතැයි පොලීසිය පවසයි.
විදේශීය ජාතිකයන් පිරිසක් බවට සැකකෙරෙන පුද්ගලයන් විසින් මෙම සොරකම් කිරිම සිදුකර තිබේ. මුලින්ම එහි ඇති CCTV කැමරා ස්ටිකර් මගින් වසා තබා මෙම සොරකම් සිදුකර තිබෙ.
පසුව ඔවුන් එහි පරිගනක පද්ධතියට ඇතුළු වී මෙසේ මුදල් ලබාගෙන තිබේ. එකම පිරිසක් විසින් මෙම සොරකම් කිරීම් සිදුකර ඇති බවට පොලීසිය පවසයි.
මේ අනුව හික්කඩුව, ගාල්ල, බද්දගම යන නගරව මුදල් ලබා ගැනිමේ යන්ත්ර මගින් පිළිවෙළින් 4 680 000ක්, 275 000ක් හා 5 700 000ක් ඔවුන් ලබාගෙන ඇතැයි පොලීසිය පවසයි.