රජයේ ආයතන විවිධ උත්සව සඳහා සිදුකරන වියදම් අත්හිටුවන ලෙස ලබාදුන් නියෝගය ලබන වසර දක්වාම බලපැවැත්වෙන බව දන්වමින් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, එම චක්‍රලේඛය 2023 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන ශීර්ෂයෙන් යුතුව නිකුත් කර තිබේ.
ඒ අනුව ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කරදී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කර ඇත.