බද්දේගම නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවේ ATM යන්ත්‍රය මගින් විදේශීය ජාතිකයින් දෙදෙනෙකු විසින් අයථා ලෙස රුපියල් ලක්ෂ 57 ක මුදලක් රැගෙන පළා ගොස් ඇතැයි එම බැංකුවෙන් පැමිණිල්ලක් අද (30) පස්වරුවේ ලැබුණු බව බද්දේගම පොලිසිය කියයි.
අද දිනට නියමිත මුදල් ගනුදෙනු අවසන් කර මුදල් පරීක්ෂා කිරීමේදී මුදල් අඩුබව නිරීක්ෂණය වීමෙන් අනතුරුව CCTV පරීක්ෂා කිරීමේදී පස්වරුවේදී විදේශිකයින් දෙදෙනකු විසින් ATM කාඩ් පතක් භාවිතා කරමින් අයථා ලෙස මුදල් ලබාගන්නා අයුරු නිරීක්ෂණය වීමෙන් පසුව එම බැංකුවේ කළමනාකරු විසින් තමන්ට පැමිණිලි කළ බවද පොලීසිය කියයි.
මෙම විදේශීය ජාතිකයින්ගේ දෙදෙනාගේ අනන්‍යතාව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණයවි නොමැති බව පොලීසිය කියයි. බද්දේගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.