බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් කටයුතු කරන ලිස් ට්‍රස් තේරි පත්විය. ඒ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ පැවැති ඡන්දයකිනි. ඇය එම පක්ෂයේම රිෂී සුනාක් පරාජයට පත්කරමින් මෙලෙස අගමැති ලෙස පත්වූවාය.මේ අනුව ඇය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙසද නම් කර ඇත.
කුරුණෑගල ප්‍රදේශයට අද (05) දිනය පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවීමෙන් 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
Read Moreවැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට තීරණය කෙරේ. විදෙස්ගත ලාංකිකයන් සහ ශ්‍රමිකයන් සදහා මෙම නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රම වේදය හදුන්වා දුන් බව ද ඔහු සදහන් කරයි.
Read Moreයුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreසැප්තැම්බර් මස 15 වන විට තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
Read Moreසැප්තැම්බර් මස 15දා වන විට අප මුහුණ දී තිබෙන තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreමෙරට දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6දා) සහ අනිද්දා (7දා) පැවැත්වීමට නියමිතය.
Read Moreඋඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනයවන “ELLA ODYSSEY” දුම්රිය 2022.09.08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා නිවේදනය කරයි.
Read Moreතොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පසුගියදා එම ධූරයේ රාජකාරි ඇරඹීය.
Read Moreයාපනය අච්චුවේලි පොලිස් වසමේ සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීම හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් කුඩා දරුවෙකු ඇතුලු එකම පවුලේ තිදෙනෙකු ඊයේ (04දා) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයාපනය අනලතිව් දූපතේ ජනතාවට මෙතෙක් කල් ගැටලුවක්ව පැවති බස් ප්‍රවාහනයට විසඳුමක් ලෙස නව බස් රථයක් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුලු ගමනාගමන මණඩල නිලධාරීණ් හා නාවික හමුදාව පියවර ගනු ලැබීය.
Read Moreඅනුරාධපුර පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් මත්කුඩු තොගය වන රුපියල් කෝටි පහකට වැඩි හෙරොයින් මත්කුඩු කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවක් අද ( 5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බවට සැකකරන ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් සමග පුද්ගලයෙකු අද (05දා) පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
Read Moreබිබිල පදියතලාව මාර්ගයේ පුවක්පැලේ පුදේශයේ දී ඊයේ සවස 6.45 ට පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් දහ නව හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඔහුගේ පියාට බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.
Read Moreනවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා නැවතත් පත් කෙරිණි.
Read Moreඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි. මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහළ දමා තිබේ.
Read Moreනව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී අද (05දා) පෙරවරුවේ විවෘත කෙරිණි. එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.
Read Moreවැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
Read More2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින සහහ් උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වීමට නියමිතයි.
Read Moreවී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.
Read Moreරාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට (06දා) දිනයේ සිදුවිමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. ඒ් අනුව රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු පමණ පත්කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍යධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනපතිවරයාට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව, බස්නාහාර හා වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබිත්තර අලෙවිය සදහා පාලන මිලක් නියම කරමින් නිකුත් කරනු ලැබූ ගැසට්ටුව කිසිදු හේතුවක් නිසා ආපසු හරවා නොගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා 04 දින මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසීය.
Read Moreමේ කාලයේ ගිහියෝ බණ කියනවා. සමහර හාමුදුරුවරු වගා කරනවා. දොස්තරලා පොහොර ගැන කථා කරනවා. අපරාධ විද්‍යා උපාධිධාරියා සංවර්ධන නිලධාරී ලෙස වසමක වැඩ කරනවා. මේ වගේ විකෘති ඕන තරම් පෙන්වන්න පුළුවන්. මේ විකෘතියෙන් එළියට මේ රට ගන්න ඕන.
Read Moreසෞඛ්‍ය අංශයේ ප්‍රතිපත්තිවල වෙනසක් ඉක්මනින් අවශ්‍ය බන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනපති අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි. මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.
Read Moreරටේ පවතින ආර්ථික අර්බුධය ජය ගැනිමට රට භාරගත් නායකයාට පක්ෂ පාට භේද දේශපාලනයෙන් තොරව සහයෝගය දක්වන්නේ නම් මාස හයක් වැනි කෙටි කාලයක් තුල රටේ ආර්ථිකය සමාන්‍ය තත්ත්වයට පත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසිය.
Read Moreවර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More