මාතර කොටුවේගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (01) සවස මුහුදේ ගසා ගෙන ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ මිය ගිය තරුණයින් දෙදෙනාගේ අනන්‍යතාවය අද සවස් වන තෙක්ම තහවුරු වී නොතිබුණි.
කෙසේ වෙතත් ඔවුන් සමග එම ස්ථානයේ දිය නෑම සිදු කල අකුරැස්සේ පදිංචි තරුණයින් දෙදෙනෙකු වැඩි පරීක්ෂණ සදහා ප්‍රකාශ සටහන් කර ගැනීමට මාතර පොලීසිය භාරයට ගනු ලැබීය.
අනතුරට ලක්වු තරුණයින් දෙදෙනා කෙටි වේලාවක් තුලදී ගොඩට රැගෙන ඒමට යුධ හමුදා සාමාජිකයින් හා ඒ අවට රැස්ව සිටි පිරිස කටයුතු කලේය.
ඔවුන් රෝහල වෙත රැගෙන යන තෙක් අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමට විදේශීය ජාතික වෛද්‍යවරයකු ඇතුළු යුවලක් ඉදිරිපත් විය.
එම තරුණයින් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට ඔවුන් ඇතුළු රැස්ව සිටි පිරිස දැඩි පරිශ්‍රමයක් දැරුවේය.
කෙසේ වෙතත් මාතර පොලීසියට අයත් ජීප් රථයෙන් හා ත්‍රී රෝද රථයකින් එම තරුණයින් දෙදෙනා මාතර මහ රෝහල වෙත රැගෙන ගියේය.
පසුව ඔවුන් එහිදී මිය ගොස් තිබුණි.
අනතුර සිදු වු ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බව පොලීසිය සදහන් කරයි.
කෙසේ වෙතත් මිය ගිය තරුණයින් දෙදෙනාගේ පවුල් වල සාමාජිකයින් ඔවුන්ට සිදු වු අනතුර පිළිබඳව අද (01) රාත්‍රි වන තෙක්ම දැනුවත් නොවීම නිසා ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි කර ගැනීම ප්‍රමාද වී තිබුණි.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ හා උප පොලිස් පරීක්ෂක සුමිත් යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
මාතර සෙව්වන්දි