උදා වූ 2023 වර්ෂයේදී 'සහල් ඇටයක්' හෝ විදේශයෙන් ආනයනය කිරීමට සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ 2021 මහ කන්නය අසාර්ථක වීම හේතුවෙන් 2022 වසරේ දී සහල් ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැය කළ නමුත් මෙවර එවැනි තත්ත්වයක් උද්ගත නොවන බවට තමන් විශ්වාසයෙන් පවසන බවයි.
මෙරට වගා කෙරෙන කුඹුරු ඉඩම් 100%ක් මෙවර මහ කන්නයේදී වගා කිරීමට කටයුතු යොදා තිබීම මීට හේතුවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළ පරිදි මෙම මහ කන්නය තුළ වී වගා කිරීමට ඉළක්ක ගත කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර මේ වනවිට වගා කර අවසන්ව ඇති හා තවමත් වගා කටයුතු සිදු කෙරෙමින් පවතින කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 760,000 ඉක්මවා තිබේ.