මෑත ඉතිහාසයේ දින දර්ශන සහ දිනපොත් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කල වසර 2023 වසර බව දින දර්ශන සහ දිනපොත් මුද්‍රණකරුවන් කියා සිටියි.
වෙනත් වසර වල දිනපොත් සහ දින දර්ශන විවිධ අයුරින් නිර්මාණය කර මුද්‍රණය කර විශාල ඇණවුමක් ලැබුණු බවත්, රට තුල පවතින කඩදාසි හිගය සහ මුද්‍රණය සදහා භාවිතා කරනු ලබන තින්ත වර්ග වල මිල ඉහල යාම හමුවේ ඉකුත් වසරට සාපෙක්ෂව මේ වසරේ දින දර්ශනයක් සදහ දින පොතක් මුද්‍රණය කිරිම සදහා වියදම පස් ගුණයකින් පමණ ඉහල ගොස් ඇති නිසා ව්‍යාපාරික ප්‍රජාව 2023 වසරට දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරිම සදහා ඇණවුම් ලබා නොදුන් බව මුද්‍රණකරුවන් කියා සිටියි.
තවද විදුලි බිල ඉහල යාම නිසා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරිමේදි විශාල පිරිවැයක් දැරිමට සිදු වන බවත්,ඒ අනුව 2023 වසරට දිනපොත් සහ දින දර්ශන මුද්‍රණය කිරිමට ඇණවුම් ලබාදුන් ඉතා සිමිත ව්‍යාපාරිකයන් පිරිසක් දිනපොත් සහ දින දර්ශන සිමිත ප්‍රමාණයක් මුද්‍රණය කරගත් බවයි එම පිරිස කියා සිටියේ.
වෙනත් වසර වල දිවයිනේ විවිධ ප්‍රධාන ව්‍යාපාරික සමාගම් සහ ව්‍යාපාරිකයන් විසින් වාර්ෂික දින දර්ශනය ඉතා විශාල ලෙස පිටු 12 කින් මුද්‍රණය කර පාරිභෝගිකයන් ලබාදෙන බවත්, මේ වසරේ එම සමාගම් වලින් ඇතැම් ව්‍යාපාරික සමාගම් වාර්ෂික දින දර්ශනය පිටු හයකට සිමා කර මුද්‍රණය කර ඇති බවයි මුද්‍රණකරුවන් කියා සිටින්නේ.
දිවයිනේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සිය ගණුදෙනු කරුවන්ට සැම වසරකම දින දර්ශනයන් නොමිලේ ලබාදෙන අතර , එම බැංකු වලින් ඇතැම් බැංකු මගින් 2023 වසරේ දින දර්ශනයක් සකස් කර එම දින දර්ශනය පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය ජාලා හරහා යොමු කර ඇත.
දින දර්ශන සහ දිනපොත් මුද්‍රණය අවම කිරිම හේතුවෙන් වෙනත් වසර වලට සමගාමිව බොහෝ නිවාස වල 2023 වසරට අදාල දින දර්ශන ප්‍රදර්ශනය නොකර සිටියි.
දැනට මුද්‍රණය කර ව්‍යාපාරිකයන් විසින් බෙදා හැර ඇති දින දර්ශන වල වෙනත් වසර වල මෙන් ඉතා ප්‍රියමනාප අයුරින් මුද්‍රණය කර නොමැති බවටද අප විසින් කල සොයා බැලිමකදි අනාවරණය විය.