විදුලි ගාස්තු වැඩිවීමේ යෝජනාවෙන් අපේක්ෂිත මුලු ආදායමෙන් රුපියල් බිලියන 100ක් පමණ අය කර ගැනීමට අපේක්ෂා කරන්නේ ඒකක 90ට අඩුවෙන් භාවිත කරන ඒකකවලින් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
එසේම ලංකාවේ ඒකක 90ට වඩා භාවිත කරන පාරිභෝගිකයන් ලක්ෂ 50ක් පමණ සිටින බවද ඔහු සඳහන් කළේය. ආර්ථික අවපාතයක් තුළ විදුලි ඉල්ලුමේ වැඩිවිමක් සිදුවීමට ඉඩක් නොමැති බවත් ඔහු පැවැසීය.
නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60ක් භාවිත කරන පුද්ගලයෙකුගේ මාසික රුපියල් 600ක පමණ බිල රුපියල් 2000ක් පමණ වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
නව සංශෝධනය කියාත්මක වුවහොත් විදුලිය අඩුවෙන් භාවිත කරන පුද්ගලයන්ගේ විදුලි බිල විශාල වශයෙන් වැඩිවෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.