ගාස්තු වැඩිවීමත් සමග විදුලි පරිභෝජනය සියයට 15කින් පමණ අඩුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂයේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
ඒසේම පසුගිය අගෝස්තු මාසයේ විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් ලංවිම මේ වන විට මෙහෙයුම් ලාභයක් ලබන බවද ඔහු පැවැසීය.
විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් වන යෝජනාව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරීමට නියමිත බවත් ඒ හරහා සියයට 70ක පමණ විදුලි ගාස්තු වැඩිවිමක් ඉල්ලා ඇති බවද ඔහු පැවැසීය.