saravita-anim2

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

Latest News - timelapse 412 hours ago

LATEST

කමිඳු හා චමරි ක්‍රිකට් ඉහළම සම්මාන දිනති

calendar_today 2025 ජුනි 09 - 23:22 remove_red_eye - 358  

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකයා - කමිඳු මෙන්ඩිස් වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව - චමරි අතපත්තු වසරේ නැගී එන ක්‍රීඩිකයා - ජනිත් ලියනගේ

2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000 සහ දාම් ලෑලි 11000 ක් නීතියට පටහැනිව දේශපාලන අවශ්‍යතා මත ක්‍රීඩා සංගම් අතර බෙදාදීමෙන් රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවී වසර 20ක සිර දඬුවම් විඳින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් අද (09) ඉදිරිපත් කළේය.

Read More

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රාජ්‍ය ‍‍‍‍‍‍පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය වෙත හෙට දිනයේදී දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් විශාල සැදැහැවතුන් පිරිසක්හා ඊට සමගාමීව විශා රථවාහන හා යතුරුපැදි ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කරනු ලැබුවාය.

Read More

අම්පාර පදියතලාව ප්‍රදේශයෙන් කාර් රථයක් පැහැරගෙන බිබිල කරාඩුගල ප්‍රදේශයට රැගෙන එන බවට ලද තොරතුරක් මත මාර්ග බාධක යොදා සිදුකල වැටලීමකදී එම කාර්රථය සමග සැකකරුවන් දෙදනෙකු හා සැකකාරියක් ඊයේ ( 08 ) අත්අඩංගුවට ගත්බව කරාඩුගල පොලිසිය පවසයි.

Read More

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

Read More

මෙහයුම් නවත්වා තිබීමෙන් අනතුරුව නැවත ආරම්භ කළ වලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව දැන් ලාභ ලබන තත්වයට පත්ව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු සඳහන් කරන්නේ පරණ ණය ගෙවා දමමින් කර්මාන්ත ශාලාව ඉදිරියට යන බවයි.

Read More

අද(09) රැස්වූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

Read More

දුම්රිය ටිකට් පත් ඔන්ලයින් ක්‍රමයට වෙන් කරවා ගැනීමේදී සිදුවන වංචාව වැලැක්වීම සඳහා අලුත් පියවරක් අනුගමනය කරන බවත්, ඒ අනුව එක් හැඳුනුම්පතකට එක් දුම්රියක් සඳහා වෙන් කර ගත හැක්කේ ටිකට් 05ක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා) අනාවරණය විය.

Read More

ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරේ.

Read More

යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

Read More

අල්ලස් කොමිෂමේ සේවය කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් එස් මොහාන්ලාල් මහතා එම කොමිෂමේ විමර්ශන අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ.

Read More

අපේ රට පුනර්ජනනීය බලශක්ති විභවය ඉහලින්ම ඇති රටක්. ලෝකෙම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමුවෙලා තියෙන, ඒ වගේම ලෝකයම පුනර්ජනනීය බලශක්තියට හැරෙන කාලයක සොබා දහම අපේ රටට තෑගි දීලා තියෙන හිරු එළිය, සුළඟ උපරිම අයුරින් භාවිතයට අරගෙන රටේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නට අපි කටයුතු කරනවා.

Read More

සිර දඩුවම් නියම වූ සැකකරුවෙක් ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ චෝදනාවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රැඳවියන් 600 කට පමණ රැදවීමට ප්‍රමාණවත් සිරමැදිරි තුල 1600 ට අධික ප්‍රමාණයක් රදවා සිටින බැවින් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද මහත් අපහසුතාවයකට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද(09දා) යළි රැස්වීමට නියමිතව තිබේ.

Read More

සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල ඒකකයන්හි බොයිලේරු සඳහා අදාළ සැපයුම්කරු විසින් පිරිපහදු කළ දැවිතෙල් වෙනුවට නැව් සහ යන්ත්‍ර වලින් ඉවත්කරනු ලැබූ පිරිපහදු නොකළ කළුතෙල් සපයා තිබූ අතර ඒ වෙනුවෙන් සමාගම විසින් රුපියල් තිස්හතරකෝටි,දාසයලක්ෂ,අසූහත්දහස්,පන්සිය අසුදෙකක මුදලක් (341,687,582) සැපයුම්කරුට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

නිවාඩු නොලබා හමුදා සේවය හැර ගොස් සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 3103 දෙනකු ගතවූ මාස තුනක කාලයෙහි අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) මුල් මාස තුනෙහිදී (ජනවාරි -මාර්තු) රුපියල් මිලියන 37,513 ක මුදලක් වැයවී ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

උතුරු මැද පලාත වෙනුවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයක් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ අද (08) දින විවෘත කළේ ය. ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

පැය 24ක සංකේත වැඩ වර්ජනයක් අද (09දා) උදෑසන 6:00 සිට සිදුකරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ත්‍රී රෝද රථයක් සිය යතුරුපැදියේ ගැටී අලාභානි සිදු වූයේ යැයි පවසා ත්‍රී රෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 21,990 ක් මුදලක් බලෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු මට්ටක්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවත් එහිදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ රෝගය වැඩි වශයෙන් පවතින බවට නිරීක්‍ෂණය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල්පන්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු ඉකුත් 4 වෙනි දින රාත්‍රී සොරකම් කර ඇති බවට සත්වෝද්‍යාන ආරක්‍ෂක නිලධාරීයකු විසින් පැමිණිල්ලක් කර ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය. .

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුළරිය අනතුරක් සිදුවූ සැණින් එම ස්ථානයට ළඟා විය හැකි වෛද්‍ය දැනුම සහ හෙද දැනුම ඇති ක්ෂණික විහිඳුම් බලකායක් නිර්මාණය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී යෝජනා විය.

Read More

කොලොම්බියානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට රැළියකදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. මේ අනුව සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100කින් පමණ ඉහ‍ළ යනු ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.