බගවන්තලාව පොලිසියේ බැරැක්කියේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිළධාරියෙකු තියුණු ආයුධකින් ඇන බරපතල ලෙස තුවාල සිදු කිරිම හේතුවෙන් එම පොලිස් කොස්තාපල්වරයා (07) දින අලුයම දික්ඔය මූලික රොහ්ල වෙත ඇතුලත් කර ඇත.
අධික ලෙස බීමත්ව සිටි පොලිස් නිළධාරින් දෙදෙනා පොලිස් ස්ථානය තුලදී (06) දින රාත්රියේ බහින්බස් වීමක් සිදු වි ඇති බවත්, පසුව බහින් බස් වීමට සම්බන්ධ වූ අනෙක් පොලිස් කොස්තාපල්වරයා නිදා සිටියදී තියුණු ආයුධයකින් උදරයට ඇන තුවාල සිදු කර ඇති බවයි හැටන් කොට්ටාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්රදීප් වීරසේකර මහතා කියා සිටියේ.
මැණික් ජවාරම්කරුවන් සමග සෘජු සම්බන්ධකම් පවත්වන බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු ඇතැම් නිළධාරින් රාත්රි කාලයේ අධික ලෙස බීමත්ව සිටින බවයි බගවන්තලාව ප්රදේශයේ ප්රදේශවාසීන් කියා සිටින්නේ.