ඉන්දියාව සමග ක්‍රීඩා කරන බව පාකිස්තානය කියයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට ඒරෙහි තරගයට ක්‍රීඩා කරන බව පාකිස්තානය නිවේදනය කරයි. මෙම තරගයට ක්‍රීඩා කිරීම පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එම තරගයට පැමිණෙන බව ඉන්දියාව තහවුරු කර තිබුණි. ලෝක කුසලාන තරගාවලිය යටතේ පවතින වඩාත් වැදගත්ම වාණිජ වටිනාකමක් සහිත මෙම තරගය පෙබරවාරි 15 වන දින කොළඹදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ICC සාමාජිකයින් ගණනාවක් අනෙකුත් ජාතීන්ට මූල්‍යමය වශයෙන් බලපාන බව පවසමින් ඔවුන්ගේ තරගය වර්ජනය නොකරන ලෙස PCB ගෙන් ඉල්ලා සිටි බව පාකිස්තාන රජය ප්‍රකාශ කරයි. එසේම පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති කුමාර දිසානායක සමඟ කතා කළ බව ද පාකිස්තාන රජය නිවේදනය කරයි.
"බහුපාර්ශ්වික සාකච්ඡාවලදී ලබාගත් ප්‍රතිඵල මෙන්ම මිත්‍රශීලී රටවල ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, 2026 පෙබරවාරි 15 වන දින ICC පිරිමි T20 ලෝක කුසලානයේ නියමිත තරඟාවලිය සඳහා පිටියට පිවිසෙන ලෙස පාකිස්තාන රජය පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට මේ හරහා දන්වා සිටියි. එපමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය ආරක්ෂා කිරීම සහ සහභාගී වන සියලුම ජාතීන් තුළ මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහාය වීම සඳහා මෙම තීරණය ගෙන ඇත," පාකිස්තාන රජය ප්‍රකාශ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
