උඩවලව පොලිස් වසමේ උඩවලව තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්රදේශයේදී බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ළමයා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 13 ක් වූ උඩවලව ප්රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.